බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයlක් නිකුත් කරමින් පවසා සිටියි. 

තංගල්ලට එපිට මුහුදේ දී පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් පානය කිරීමෙන් මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කහඳගමත් රනිල්ට

Published in පුවත්
Wednesday, 03 July 2024 15:20

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා තිබෙන බව වාර්තාවේ.

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අමතමින් අද පෙරවරුවේ ජනාධිපතිවරයා පවසා සිටියේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට තමා ඉඩ නොතබන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"විනයක් ඇතුව වැඩකරන්න. විනයක් නැතුව අධ්‍යාපන සේවයක් ගෙනියන්න බැහැ. මීට ඉස්සර ඇති වුණ වර්ජන... පාසල්වල ඒ වර්ජන හොඳ නෑ. හේතුවකුත් නැහැ. 2022දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ක්ෂේත්‍රයේ. මේ අවුරුද්දේ අපි හැමකෙනාටම රුපියල් 10,000 දීමනාවක් දුන්නා දෙපාරකට. අන්න ඒක කරලත් එදා වැඩවර්ජනයක් තිබ්බා පංති කාමරවලට ආවේ නැහැ. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය වුණේ. මේ සිසු සිසුවියන්ට විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ට. මට යාපනේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි ඉඩදුන්නේ නැහැ මෙහෙම වැඩවර්ජනය කරන්න. ඔක්කොම ආවා. ඔක්කොම පාසල් ගෙනිච්චා. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්චා. අපේ ගෙදර ළඟ තියෙනවා ලේඩිස් කොලේජ් එක, ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්චා. මොකක්ද මේ මිනිස්සු කළේ ? මේ නායකයෝ කළේ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. ශිෂ්‍ය නායකින් කිහිපදෙනෙක් ඇහුවා ජනාධිපති, අපි ගිහින් උගන්වන්න ද මේ අයට කොහොම ද මේ අයට විනය තියාගන්නේ කියලා. ඒ මට්ටමට අද ගුරුවරු වැටිලා තියෙන්නේ. සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කළා එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න ඉඩදෙන්න හොඳ නෑ. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කළා මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක් උදේ 7.30 ඉදලා දවල් 1.30ට සෘජුව හෝ වක්‍රව කිසිකෙනෙක්ට පංති කඩාකප්පල් කරන්න බැහැ. පාසල වහලා හෝ වර්ජනය කරලා හෝ වෙනත් විදියකට. ඒ පියවර අපිට ගන්න සිද්ධ වෙනවා අනාගත පරපුර වෙනුවෙන්. මින් පස්සේ නම් මා එක්ක තරහා වෙන්නේ එපා මට සිදුවෙයි මීට වඩා තදින් ක්‍රියාකරන්න. මම එදා මල්වත්ත ස්වාමින් වහන්සේ එක්ක කිව්වා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්ති කියලා."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us