පොහොට්ටු දේශපාලන මණ්ඩල රැස්වීමේ ඉදලා තියෙන්නේ මන්ත්‍රීවරු 16 යි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දු කළ ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට අද (29) සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ වනවිට රැස්ව තිබේන බව වාර්තාවේ.
2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කරයි
කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර පැවසීය.
2024 මුල් මාස 05 තුළ සමස්ත අයවැය හිඟය රු. බිලියන 366.80 ක් බව වාර්තා වේ.
ලොව සෑම මිනිසුන් 11 දෙනෙකුගෙන් එක් අයෙක්ම කුසගින්නෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.
තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කර ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන බවට වාර්තා වේ.
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ.

