ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසූ බව ලංකාදීප පුවත් පත වාර්ථා කරයි.
පළාත් කිහිපයකට වැසි - ප්‍රදේශ කිහිපයකට සුර්යා ඉහළින් ගමන් කිරීමෙන් උණුසුම දැඩිවේ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
57 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (06) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ.
සංස්කෘතියට පටහැනි අංග ඇතුළත් අවුරුදු උත්සවවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
සඟවා තිබූ බීඩිකොල තොගයක් යුධ හමුදා බුද්ධි තොරතුරෙන් සොයාගැනේ
ඉන්දියාවේ සිට නීතිවරෝධී අයුරින් මෙරටට ගෙන්වා ඇති බවට සැක කෙරෙන බීඩි කොල කිලෝ 1200 ක් යුද්ධ හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන ලද මෙහෙයුමකදී 2024 අප්‍රේල් 05 වන දින උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කිරීමට කටයුතු නොකළ බව කියමින් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහල නිලධාරීන්ට අගමැති දිනේශ් ගුණවර්ධන චෝදනා කර තිබේ.
බංකොලොත් වූ රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වසා දමා තනි රනිල්ට රට භාර දෙන ලෙස තමා එදා කළ ප්‍රකාශය අද සත්‍ය බවට පත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
ආනයනයට අවසර සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණයි
ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

