උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්වයේ අඩුවීමක් අද දිනයෙන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ කටයුතු තාවකාලිකව නතර කරයි
පවතින ජල ගැලීම් හේතුවෙන් ඕලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාව මතක් කර චක්‍රලේඛයක් ගහයි
කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් ඇතුළු වැඩසටහන් 24ක්
මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
අස්වැසුම පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර
පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ජනාධිපතිවරණයේ 'ජාතික අපේක්ෂකයා' රනිල්, අනිත් අය කෝ?
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ (9) ඒකමතිකව තීරණය කර තිබිණි.
වැට්බදු මුවාවෙන් ජනතාව ගසා කන වෙළෙඳ මාෆියාවට එරෙහිව දැඩි නීති
වැට් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට මුදල් ගසා කෑමේ වෙළෙඳ මාෆියාව මුළුමනින්ම නවතාලීම සඳහා දැඩිව නීති රීති ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

