රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර තිබේ.

2024 අයවැය හරහා කඳුකරයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ව්‍යාපෘති ගනනාවක් හදුන්වා දී තිබෙන බව වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය. මෙම අරමුදල් සැපයීම සම්බන්ධයෙන් එය සාදරයෙන් පිළිගන්නා බවත් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය පෙරේදා (12) දින වන විට බිංදුව දක්වා අඩුව තිබූ බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත ඊයේ (13දා) පැවසීය.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (14) ඉවත්වුණි.

අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම කළ මිලියන 311ක මුදලින් රුපියල් මිලියන 36,825,000ක මුදලක් හානිපූර්ණ කාර්යාලය වෙත ලැබී ඇතැයි අද (14) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා ඇත.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල පමණක් මාර්ග දෙපස ගස් 100000ක් තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර මේ අතරින් ගස් 300ක් පමණ අවදානම් තත්වයේ තිබෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩසටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ.

රුපියල් බිලියන 50ක් තරම් අතිවිශාල මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට ජාතික අය වැයකින් වෙන් කළේ ඉතිහාසයේ පළමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් ප්‍රකාශ කළේය.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us