දියවැඩියාව, වකුගඩු රෝගය ,හා අධිරුධිර පීඩනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගින්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදෙන සෝඩියම් බයි කාබනේට් එන්නත නොමැතිවීමෙන් මාවනැල්ල රෝහලේ සැත්කමකට භාජනයවී සිටි රෝගියකු මියගොස් ඇත.

පිළිකා රෝගීන්ගේ කැල්සියම් වර්ධනය සඳහා ලබාදෙන Zoledronic Acid එන්නත රෝහල්වල සහ බාහිර ඖෂධ සල්වල නොමැතිවීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

අධික වැසි තත්ත්වයත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද බිම්වලින් සියයට 70 කට පමණ හානි සිදුවී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාව නැවත විදෙස් ණය ගෙවීම ආරම්භ කළ විට රට යළි අර්බුදයකට යා හැකිය යන්න වැරදි මතයක් බවත්, එසේ වෙනවා නම් ණය ප්‍රතිව්‍යූහගතකරණයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා සිටියි.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂණය හිමි ව තිබූ  දීඝදන්තු 1 නම් හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිිිබෙන බව වාර්තා වේ. 

කලා වැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ  මෙම දීඝදන්තු 1 හස්ති රාජයා දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වයයි. 

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us