කොවිඩ් 19 ආසාදිතයින්ගේ ප්‍රතිදේහ වර්ධනය වී ඇත්නම් නිරෝධායනයෙන් මුදාහල හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සදහන් කරනවා.

එම මාර්ගෝපදේශ මාලාවට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ප්‍රගතියක් ඇත්නම් පී.සී.ආර් පරීක්ෂණයේ සිට 10 වැනි දිනයේදී ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවිය හැකි බවත් එවැනි සුව වන ආසාදිතයින් තව දින 04 ක් නිවසේ රැඳී සිටිය යුතු බවත් සදහන්.

වැඩිහිටි නිවාස, හෝටල් හා බන්ධනාගාරගතව සිටින ආසාදිතයින්ට 10 වැනි දිනයෙන් පසු ගෙවෙන දින 04 ප්‍රතිකාර මධ්‍යස්ථානයේම රැඳී සිටීමට සිදු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

-පංචාලි අබේසේකර

මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ පොලිස් නිලධාරීන් 7ක් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග එම පොලිසියේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් සහ ප්‍රතිසංවිධාන ගැටලු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ මෙරට රජය එකඟ වී තිබේ.

මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.

කොවිඩ් ආසාදනය වූ 07 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රේගුවේ දූෂණ වංචා අක්‍රමිකතා තුරන් කර එම ආයතනය හරහා රටට ලැබිය යුතු ආදායම නියමාකාරයෙන් ලබා ගැනීමත් කාර්යක්ෂම සේවයක් සලසා දීම වෙනුවෙනුත් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පසුගියදා කළුතර වළල්ලාවිට පැවැති ජන හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රේගු නිලධාරී වෘත්තිය සමිති වල විරෝධය පළවී තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිතයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us