අයවැයෙන් යෝජිත වූ පරිදි වතු කම්කරුවන් සදහා රුපියල් දහසේ (1000)දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණට උපදෙස් ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසක් මේ දක්වා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අපේක්ෂිත ඉලක්ක අබිබවා යමින් පසුගිය වසරේදී (2020) මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9ක් (රුපියල් කෝටි එක්ලක්ෂ අසූ අටදාස් එකසීය) ඉක්මවා සටහන් වී ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම් පත්‍ර කැඳවීම ආරම්භකර තිබේන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉන්ධන මිළ සංශෝධනයක් කරන මෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත්කළ ඇමැති මණ්ඩල යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව ඉතිහාසගත අධිවේගී විකිණිල්ලක සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දොම්පේ "සත්කාරය" විපක්ෂ නායක ජංගම සේවයේදී සදහන් කර තිබේනවා.

ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධව පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us