කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කථානායකවරයා සඳහන් කරයි.

සිරා මරා බලු පූ‍ට්ටුව විසින් සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් ශ්‍රි ලංකාවට එරෙහිව විදේශ රටවල් ගනනාවක් තහංචි පැනවීමට තීරණය කර තිබේ. මේ අනුව යුරෝපා සංගමය GSP+ සහනය අත් හි‍ටුවීමට තීරණයක් ගැනිමට නියමිතව තිබිණි.

ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය මෙවර මහ මැතිවරණට මහින්ද රාජපක්ෂ නායකත්වය දරන පොදු ජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රීලනිපය තනිව හෝ අලුතෙන් ගොඩනඟන සංධානයකින් ඉදිරිපත් වීමට අද දහවල් ශ්‍රීලනිපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු පැජට් පාරේ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව පක්ෂ හා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය. ඒ අනුව හෙට දිනයේදී එජාපය, දෙමළ සංධානය ජවිපෙ සහ සිවිල් සමාජ කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් පෙත්සම් ගනනාවක් බාර දිමට නියමිතය.

පොදුජන පෙරමුනේ අගමැති අපේක්ෂකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඊයේ දිනය වන විට තීන්දු කර සිටි මහින්ද රාජපක්ෂ මේ වන විට එම අදහස අත් හැර තිබේ. රනිල් වික්‍රමසිංහ සමඟ තරගයක් දි ඔහුට වඩා වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගැනිමට හැකි බව එම පෙරමුණේ නායකයන් විශ්වාස කළේය.

මහ මැතිවරණයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය පුළුල් පොදු පෙරමුණකින් තරග කළ යුතු බවට අද උදෑසන පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රබල යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

කවර තත්වයක් හමුවේ හෝ ඉදිරි මහ මැතිවරණයට හා ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා එජාපය අද උදෑසන පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීමේදී තීරණාත්මක කරුණු කාරණ රැසක් සාකච්ඡාවට ගෙන තිබේ.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us