රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට ඇතුළත් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකශ කර තිබේ.

මේම රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී මෙබඳු මතයක් සෞඛ්‍ය සේවකයන් අතර ප්‍රචලිත කර ඇති බවට සමිති නියෝජිතයන් කළ සඳහනට ප්‍රතිචාර වශයෙනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

''රැකියා ලක්ෂයේ වැඩසටහන පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැකියා නියුක්ත කොට ඔවුන් දිළිඳුකමින් මුදා ගැනීම අරමුණු කොටගත් එකකි. ඊට බඳවා ගනු ලබන්නේ විධිමත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා හෝ නැති අය පමණි.
තෝරාගත් පිරිස්වලට රෝහල්, පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ්‍රමිකයන්, පවිත්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරුවන්නන් ආදී වශයෙන් පුහුණුවක් දෙනු ලැබේ.
පුහුණුවෙන් පසු ඔවුනට ඒ ඒ ආයතනවල ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරේ. එසේ වුවද ඔවුන් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොවනනු ඇති '' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

g1g2g3

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රවේශය මත එවක පැවැති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බව පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.

පොහොර සහනාධාරය ලබාගෙන හෙක්ටයාරයකට වැඩි භූමි ප්‍රදේශයක වී වගා කරන ලද ගොවීන් රජයට අනිවාර්යයෙන් වී ලබාදිය යුතුය යන තීරණය ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.

විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉදිරියේදී ලිහිල් කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ආනයන සීමා පනවද්දී රට තුළ අවුරුදු දෙකකට සරිලන වාහන තිබූ බවද එහිදී ඇමැතිවරයා සදහන් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමෙහි අවසන් වාර්ථාව අද පාර්ලිමේන්තුවේ කතානායක වරයාට බාර දීම සිදු කොට තිබිණි. ඊයේ සවස එය අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත ලබා දීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබිණි.

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

'' අයෝජන කළමනාකරණ කමිටුව'' යන නමින් ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේනවා

වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 207 දෙනෙකු අද(23) අලුයම දිවයිනට පැමිණියා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us