පසුගිය 29 වනදා මහ බැංකු අධිපති ධුරයට නන්දලාල් වීරසිංහ නැමැති රාජපක්ෂ වාදීයාව පත් කිරීම සඳහා ජනාධිපතිවරයා හිතුමතේ කටයුතු කළද ඒ සම්පූර්ණයෙන්ම රටේ පිලිගත් නීතිය උල්ලංගනය කිරීමක් බව හෙළිවේ.

කිලි මහරාජා සහ ඔහුගේ ක‍ටු කන සුරතල්ලු ටික මහ බැංකු අධිපතිවරයා දඩමීමා කරගෙන ගෙන ගිය රනිල් විරෝධී කුමන්ත්‍රණකාරී ව්‍යාපාරයට ජනාධිපතිවරයාත් මහ දවාලෙම හසුවීම කරන කොට ගෙන මහ බැංකු අධිපතිට දූෂිත චෝදනා එල්ල කර ඔහුගේ ධුර කාලය දික් නොකිරීමට ඊයේ (29) දිනයේදී හිතුමතේ තීන්දු කර ඇත. නව මහබැංකු අධිපතිවරයා ලෙස, 2011 සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කර ඇත. ඒ සඳහා වන පත් වීමේ ලිපියටද ඊයේ ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ. ඒ නිල වශයෙන් ප්‍රකශයට පත් නොකෙරුණද ඒ සමඟම ඊනිය දුෂණ විරෝධීන් හා ජවිපෙ සාමාජිකයන්  සමාජ ජාලාවල ඔහුට සුභ පතන්නට පටන් ගෙනද තිබිණි. 

කිලී මහරාජාගේ කොන්ත්‍රාත් ඉ‍ටුකරමින් සිටින ජනාධිපති සම්බන්ධීකරන ලේකම් දික්කසාද නඩු පිළිබඳ විශේෂඥ නීතිඥ ශිරාල් ලක්තිලක විසින් නඩත්තු කරන 'විනිස' නම් වෙබ් අඩවියක් හරහා තමන්ගේම ප්‍රතිරූපය සුද්ධබුද්ද කර ගැනීමට තරම් ශිරාල් ලක්තිලක බංකොලොත් වී ඇති බව ජනාධිපති කාර්යාලයේ සේවකයෝ පවසා සිටිති. මේවන විට තමන්ව වර්නණාකරන කිසිවකු හෝ නොමැති බැවින් ශිරාල් ඉතා අසරණ තත්වයකට පත්ව තිබෙන බව ඔහුගේ හිතවතියන්ද පවසා සිටිති.

භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීමේ ක්‍රමවේදය මුල්කර ගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) කණ්‌ඩායම් තුනකට බෙදී ඇත.

නීතිය කාටත් පොදුය. ඒත් දැන් යහපාලන ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ පොතේ නීතිය කොහොම තිබුණත් ඒ ඒ නඩුවට ඒ ඒ පැමිණිලිකාරයාට ඒ ඒ විත්තිකාරයාට යනාදි වශයෙන් ඒ ඒ විනිසුරු වරුන්ට කැමැති පරිදි නීතිය ඒ ඒ විදිහට අර්ථ කථනය කරමින්ය. ඒ අර්ථයෙන් නීතිය මඟින් කිසිවකුට හෝ යුක්තිය සාධාරණය ඉ‍ටුවීම බලාපොරොත්තු වීම හෝ නොවීම නම් දැන් කාටත් පොදු වී තිබේ.

රුපියල් ලක්ෂ සියයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අදාල සැකකරුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ පොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් කිරීම එම නිළධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදුන් පෙත්සම විභාග කිරීමට අද දින(28) එම විනිසුරු මඬුල්ල තීන්දු කළේය.

ජනාධිපතිවරයා විසින් ගත යුතු තීන්දු තීරණ දැන් ගන්නේ සිරස මුදලාලි කිලී මහරාජා විසින් බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය වසරේ ජනවාරි 08 වන දින නව ජනාධිපතිවරයාගේ පත් වීමත් සමඟ ඔහුව මෙහෙයවීමේ බලය කිලි මහරාජා විසින් අත් පත් කර ගත් බව අප විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නෙමු.

ගාල්ලෙ නෙළුව දෙල්වල ආඳාදොල හරස් කරමින් ධම්මික පෙරේරාට අයත් සමාගමක් විසින් මේවන විට ආරම්බ කර තිබෙන ජල විදුලි ව්‍යාපෘතිය අත් හි‍ටුවන ලෙස විශාල මහජන විරෝධයක් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමෙන්තුවෙන් එල්ල වන විරෝධන නොතකා ඒ ක්‍රියාත්මක කිරීමට මේ යහපාලන ආණ්ඩුවේ බලධරයන් දැඩි උත්සාහයක් ගනිමින් තිබේ.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us