එළඹෙන පළාත්පාලන ඡන්ද විමසීමෙන් පළාත්පාලන මැතිවරණ කොට්ඨාස 500ක ජයග්‍රහණය ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන බව රාජ්‍ය බුද්ධි අංශ පවසන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේඩී ලාල්කාන්ත මහතා පවසයි.

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඒ ඉදිරියේදී ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටී.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියට සිදු කළ මුල්‍ය වංචාව හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබුණත් ඊට කිසිසේත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රිලනීපය ඉඩ ලබා දෙන්නෙ නැති බව ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ශ්‍රීලනීපයේ ප්‍රබල තනතුරක් දරණ තරුණ ඇමැතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමක් ඇති බව එම ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

මෙවර පළාත්පාලන මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් රජයට සම්බන්ධ බුද්ධි අංශ විසින් සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බොහෝ දිස්ත්‍රික්කවල තුන්වන තැනටත් පහලට වැටී ඇති බව පෙන්නුම් කර තිබේ.

බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට විශාල පාඩුවක් අත්පත් කර දුන් බවට චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා එම ගනු දෙනුවලින් රජයට රුපියල් බිලියන 25 ක ලාබයක් අත්ව ඇති බවට විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනතාව බිය වැද්දීම් සෑම දෙනාම සිදු කරගෙන යනවා. ඇතැම් අවස්ථාවල මිනිසුන්නට බය හිතෙන විදිහට, මිනිසුන් අනාරක්‍ෂිත වන විදිහට නොයෙක් ප‍්‍රකාශ කරගෙන යනවා. මම එනකොට දැක්කා අක්කර 4000 ක් අපි ගන්න යනවයි කියලා. අමූලික පට්ටපල් බොරුවක්.

කිරිපිටි හා තිරිගු පිටි ආනයන කරන සමාගම් සදහා බදු සහන ලබාදීමට කටයුතු කර ඇති ඇමැතිවරයකු වසරකට රුපියල් බිලියන 10,000 ක පමණ කොමිස් ආදායමක් ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙළිදරව් කරයි, ජනාධිපතිවරයාට යොමු කර තිබෙන ලිපියක මේ බව සඳහන් කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us