ශ්‍රීලංකාවට ජේ ආර් ජයවර්ධන හිටපු පාලකයා හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාවෙන් නිර්මිත විධායක ජනාධිපති ධුරයට බුදු හාමුදුරුවන් පත් කළත් බල තන්හාව ඇති වන බව මේ රටේ මිනිස්සු කට කහනවට වගේ කියති... ඒ කතා එහෙම නිර්මාණය වෙන්නේ,  එම ධුරය ද අහෝසි කරන්නේය.... එම බලගතු බලය පාවිච්චි නොකරන්නේය... කියමින් එන උපාසක රාළලා සයිස් එකේ හොර පූසන් මෙම තනතුරට පත් වූවායෙන් පසුව එම බලතල වැඩි කරගැනීමට දරණ වෙහෙස නිසාය.

මිනිස් ඝාතන අපරාධ හා මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන හිටපු ආරක්ෂක ලේකම් වරයා වන ගොඨාබය රාජපක්ෂව එම චෝදනා වලින් නිදහස් කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා දැනුවත්ව කටයුතු කරමින් සිටින බව බස්නාහිර පාළාත් මහ ඇමැති ඉසුර දේශප්‍රිය විසින් ඊයේ කළ ප්‍රකාශයකින් පැහැදිලි වී තිබේ.

රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බවත් රාජකාරි කරන ස්ථෘනයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ටෙලිවිෂන් සම්මුඛ සාකච්ඡා වැඩසටහන්වලට විචිත්‍ර මානයක් එකතු කරමින්, `OVER THE SHOULDER වෙනස් කතාබහක්` නමින් නව වැඩසටහනක්, ජනවාරි 12 දා සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 ට විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම් වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ' ජනාධිපති බැඳුම්කර කොමිසම් සභා' වාර්තාවේ නිර්දේශයන් හා තොරතුරු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කිරීමක් කරනු ලැබූවට මීට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ ' බරපතල දූෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය කිරීම විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව' විසින් විමර්ශන අවසන් කළ සිදුවීම් 34 ක වාර්තා කිසිවක් සම්බන්ධයෙන් මීක් නොකිව්වේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2017 දෙසැම්බර 27 දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතර තුර මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් යොදා ගැනීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රවෘත්ති විකාශය තුළ කාලය ලබානොදීම මාධ්‍ය උපමාන උල්ලංඝණය වන අයුරින් සහ සමානව සැලකීමේ මුලධර්මයට සම්පුර්ණයෙන් පටහැනිව ක්‍රියා කිරීමක් බව සඳහන් කරමින් දැඩි අවවාදාත්මක ලිපියක් එහි සභාපතිවරයාට යොමුකිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.

බැඳුම්කර ජනාධිපති විමර්ශන වාර්තා වේ තොරතුරු හා නිර්දේශයන් ගැන ඊයේ සවස ජනාධිපතිවරයා මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශයේ සාවද්‍ය හා මහ ජනතාව නොමඟ යවන සුළු කරුණු අඩංගු කර ඒ සකසා ඇති බවත් එය සිදුකරනු ලබුවේ ජනාධිපතිවරයාගේ උපදේශකයන් විසින් ද නැතිනම් ජනාධිපතිවරයd සිතා මතාම එසේ සිදු කළේද යන්න ගැන සැකයක් ඇතිවීම වැලැක්විය නොහැකිව තිබේ.

ප්‍රශ්න සහගත මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ කඩිනමින් සාකච්ඡාකොට අලුතින් ස්ථාපිත කරන නව මහාධිකරණ තුනෙන් එකක පළමු නඩු විභාගය බවට එය පත් කර ගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us