ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිම් පරිසර පද්ධතියක් හා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මුතුරාජවෙල අභයභූමියේ අක්කර 150ක් බිලිගනිමින් ඉකුත් ආණ්ඩු සමයේ ඉදිකිරීමට උත්සාහදැරුණු, පරිසර සංරක්ෂනවේදීන්ගේ මැදිහත්වීමෙන් හකුලා ගැනුණු බෝපිටිය සුඛෝපභෝගී නගර සංවර්ධන ව්‍යාපෘතිය යලිත් ආරම්භ කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කිරීම නිසා ඉතා බරපතල සමාජාර්ථික හා පාරිසරික ව්‍යසනයක් ඇතිවීමේ අවධානමක් පැනනැගී ඇත.

'ජිෆී' කොහු බත් ආශ්‍රිත කර්මාන්තායතනය නිසා දැදුරු ඔය විනාශ වෙමින් පවතින බව '01 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුව' විසින් සිදු කරනු ලැබු පරික්ෂාවකදී සනාත වී තිබේ. දැදුරු ඔය ආශ්‍රිත පරිසර ක්‍රියාකාරකමක් සඳහා පසුගියදා එම ප්‍රදේශයට ගිය විට දැදුරු ඔය විනාශ වී ඇති අයුරු එම නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී ඇත.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තමා 'යහපාලන ආණ්ඩුවේ' කැබිනට් ඇමතිවරයෙකු බව අමතක වී මයික්‍රෆෝනයක් දුටු තැන විහිළු කතා කියමින් 'කාඩ්බෝඩ් සැන්ඩෝ' කෙනෙකු වීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා සිය සොහොයුරු ධම්මික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමෙන් නොනැවතී තවත් ඥතීන්ට හා හිතවතුන්ට තනතුරු ලබාදීම පිළිබඳව වරාය වෘත්තීය සමිති දැඩි අප්‍රසාදය පළ කරයි.

පසුගිය ආණ්ඩු සමයේදී සිදුවූ අතුරුදන් වීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබු මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව වත්මන් පාලකයන් විසින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලැකී සිටී. ඊට හේතුව වී ඇත්තේ එම වර්තාව මඟින් වත්මන් යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් දරන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් එහි තොරතුරු අඩංගුවීමය යැයි වාර්තා වේ.

ශ්‍රි ලංක රේගු අධිකාරියේ ඉහළම තනතුරක් ජනාධිපති ලේකම් කාර්යලයේ අභ්‍යන්තර පාලකයාව සිටි චූලානන්ද පෙරේරා මහතාට ලැබීමට නියමිත බව එම ලේකම් කාර්යල ආරංචි මාර්ග පවසයි.

පෙරේරා මහතා මීට පෙර ආගමන විගමන පාලක ජෙනරාල් වරයා ලෙසද කටයුතු කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිළධාරීන් ‍රැසක් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට අති සුවිශේෂී පුද්ගලයෙකුගේ දේශපාලනයේ නියුතු පුත්‍රයෙක් සතුබව කියැවුනු ඩුබායිහි ජාතික බැංකුවේ (නැෂනල් බෑන්ක් ඔෆ් ඩුබායි) ගිණුමක් ගැන තොරතුරු මෙරට දේශපාලඥයින්ට ලැබුණේ පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වුනු අගොස්තු 17 වැනිදාට දින 10 කට පමණ පෙරාතුවය.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us