අග්‍රාමාත්‍යවරයාට පමණක් නොව හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාටද විශ්වාසභංගයක් ගෙන ආ යුතු යැයි "එළිය" සංවිධානයේ කමිටු සාමාජික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
එසේ විශ්වාසභංගයක් ගෙන ආ යුතු වූයේ රටේ ස්වෛරීභාවයට කළ හානිය නිසා බවද ඒ මහතා පැවැසීය.
විශ්වාසභංගය දිනුවොත් ආණ්ඩුවම ගෙදර. ජනපති රැකෙයි- ෆයිසර්.. ඒත් අවසන් තීන්දුව උසාවියෙන් - අමුණුගම
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඈමැති ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ශය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය ජයග්‍රහණය කළොත් අගමැතිවරයා ඉවත් වීමත් සමඟ කැබිනට් මණ්ඩලයම අහෝසි වන බවය. එහෙත් ජනාධිපතිවරයාගේ ධුරයට හානියක් නොවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ නෛතිකමය ප්‍රතිපාදන ඇති බවත් පෙන්වා දුන්නේය.
ඉදිරියට යා හැකි නායකයින් විසි දෙනකු තමා හඳුනා ගෙන සිටින බවත් තමාට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ජයග්‍රාහී මාවතට ගෙන එමින් එම නායකයින්ට පක්ෂය භාර දීමට බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ අවධාරණ කර තිබේ.
ශ්‍රීලංකා මහ බැංකුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.
විශ්වාසභංගය දිනුවොත් ජනාධිපතියි.. 224 කුයි..ගෙදර ! රාජ්‍ය නායකයා කතානායක..!! ව්‍යවස්ථා නීතිය එහෙමයි.
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුව හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරාගේ ධුරය මෙන්ම කතානායක වරයා හැර සෙසු පාර්ලිමෙන්තු මන්ත්‍රී 224 දෙනාගේම මන්ත්‍රී තනතුරු අහෝසි වන බව නීති විශාදරයන් පෙන්වා දෙයි.
විශ්වාසභංගයෙන් රනිල්ව පැරදවිය නොහැකියි..හිටපු ශ්‍රිලනීප ඇමැති වීරකෝන්
අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනීපයේ කොටස් විසින් ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් එජාපය පරාජය කළ නොහැකි බව රාජපක්ෂ සමයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි ගාල්ලෙ කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
උදයංගව අත්අඩංගුවට ගත්තු කතාව පැරඩියක්.? මෛත්‍රී +මහින්ද ගණුදෙනු වසන් කිරීමේ උත්සහයක් ද සැකයි..
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරට පොලිසියේ බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බවට ඊයේ (26) දිනයේ සිට රාජ්‍ය මාධ්‍ය හ පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන කතාවෙහි සත්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.
අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බෑ.. අපි අමාරුවේ වැටිලා ඉන්නේ - එස් බී
අද කොළඹදී පැවැති මාධය හමුවකදී අදහස් පළ කළ ඇමැති එස් බී දිසානායක මහතා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට 19 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රතිපාදන නැති බව අවධාරණය කළේය.

