මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකය ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම එකසත් ජාතික පක්ෂය හා වන සන්ධනයකින් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අද උදැසන සිට පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගොස් හිටපු සැමියාගේ මුදල් අවශ්‍යතාවයක් මත මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට පැත්ත මාරු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලීට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොලැබේ. ඒ වෙනුවට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක් හා පොලිස් ආරක්ෂාවත් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

මෙවර එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ කටයුතු සිදුකරන බව අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටින සංවිධාන ප්‍රමාණය මේ වනවිට 40 ඉක්මවා තිබෙන බව සඳහන් කරයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (09) පුද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබේ.සතියක පමණ කාලයක් ලන්ඩනයේ ගත කිරීමෙන් පසු අැය යළි මෙරටට පැමිණ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියොත් ආරක්‍ෂාව තවත් වැඩි කිරීමට සූදානම් බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේය.හිටපු ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව දීම සම්බන්ධයෙන් වන ශ්‍රේරෂ්ඨාධිකරණය ලබාදුන් සීමාවන්ට වඩා ආරක්‍ෂාවක්‌ මේ වන විටත් හිටපු ජනාධිපතිවරයාට ලබා දී අැත.නමුත්  බුද්ධි අංශ හා වෙනත් සාධක මත ආරක්‍ෂාව තවත් ඉල්ලා සිටියහොත් වැඩි කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසුවේය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක්‌ ගොඩ කිරීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්‌නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඇත.

කැබිනට් තීරණ දැනුම්දීමේ ඊයේ(09) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නගමින් අසා සිටියේ ජනාධිපතිවරයා පක්ෂය බාර ගැනීමෙන් පසු උගුලකට අසුවුණාදැයි යනුවෙනි.එහිදී රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ “එහෙම දෙයකුත් තියෙනවා” යනුවෙනි.
 
ජනාධිපතිවරයා ජනවරම පාවාදුන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට ද ඇමතිවරයා ඉහත පිළිතුරම ලබාදුන් අතර ජනතාව එල්ල කරන චෝදනාද ජනාධිපතිවරයාට දැනී තිබෙන බව ඇමතිවරයා කියා සිටියේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයක්‌ සඳහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නම්කර ඇතත් ඒ මහතා එය ප්‍රතික්‍ෂේප කර ඇත.

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us