එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් අපේක්ෂාවෙන් සිටින අතුරලියේ රතන හිමි මැතිවරණයට සතියක් පමණ තිබියදී යළි සන්ධානය හා එක්වීමේ සූදානමක සිටින බව වාර්තාවේ.

කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක ‍රැළියට භික්ෂූන් වහන්සේ 3000 ගෙන්වා අමුතු සංදර්ශනයක් පැවැත්වීම සඳහා සූදානම් වන බව වාර්තාවේ

මෙරට ඉන්ධන මිළ ඉදිරි මාස තුන තුලදී යළි අඩු කළහැකි වනු ඇතැයි විදුලි හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී එම් එස් බටගොඩ මහතා පවසයි.

මහ මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් මෙම සතියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති සමීක්ෂණ වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය අතර දිස්ත්‍රීක් මට්ටමින් තියුණු තරඟයක් පවතින අතර, එජාපය ආසන මට්ටමින් තරමක් ඉදිරියෙන් සිටී.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන සුරංගනා කතා පොතක් බඳු මැතිවරණ පොරොන්දු ඉ‍ටුකිරීම සඳහා පළමු දින 30 ට පමණක් රුපියල් බිලියන 400 ඉක්මවා යන මුදලක් අවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

පාසල් අසළ පවත්වාගෙන යන බොහෝ වෙළඳසැල්වලින් පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබුණ තොරතුරු මත දිවයිනේ සියළුම පාසල් අසළ පවත්වාගෙන යන පෙට්ටි කඩ සහ සිල්ලර කඩ විශේෂ පරික්ෂාවකට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබේ.

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම මහ මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් ගෞරවාන්විතව සමුගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බව රාජපක්ෂ පවුලේ අරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආධාරකරුවෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර රබෑව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us