කුරුණෑගල දිස්ත්‍රික් එජනිස කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ජනතාවට විහිළු සැපයීමේ අරමුණින් සකස්වූවක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක ‍රැස්වීම් වේදිකාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31)දින එක් වී සිටියේය.

අද ඇසළ පුන් පොහොය දිනයේ දී නවගත්තේගම ප්‍රදේශයේ සිල් සමාදන් වූ පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත්පත්‍රිකා බෙදූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ණය බරින් පීඩිත වූ ගොවියන් දිවි නසා ගත් බවත් ගොවියන්ට ණය ගෙවා ගත නොහැකිව අසරණ වූ විට ඒ ණය පියවීම සදහා පැවති අරමුදලේ මුදල් පවා රාජපක්ෂගේ ප්‍රතිරූපය නංවා ගැනීමේ අසාර්ථක ව්‍යාපෘති වලට යොදවා අැති බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද (31)පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයන් අතර පසුගිය දින කිහිපයේදීම රහසිගත සාකච්ඡා වට කිහිපයක් සිදුව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නීති විරෝධී සහ මහජනතාවට අපහසුතාවක් වන පරිදි පැවැත් වූ ප්‍රචාරක් රැස්වීමක් සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අතුරුගිරිය පොලීසියේ නිලධාරියෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් බැණවැදී තර්ජනය කිරීමේ පුවතක් වාර්තා වී තිබිණි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහතා ජනාධිපති වූ පසු අපට හැමදාම අවුරුදු වගේ යයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසා ඇත. අප දන්නා පරිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමට පෙර ද රිශාඩ්ලාට 'අවුරුදු' වලින් අඩුවක් නොතිබුණු අතර ඔහු ආපදා කළමණාකරන ඇමති වරයා ලෙස යුධ සහ පශ්චාත් යුධ කාල සීමාව පුරාම අඩුවකින් පාඩුවකින් තොරව අවුරුදු කෑවේය.

මහින්ද රාජපක්ෂ කුඩු කාරයන් සමග කරට අත දමාගෙන කටයුතු කළ නිසා අදත් සන්ධාන ලැයිස්තුවට කුඩු කාරයන් ඇතුළත්ව ඇති බව ඔහු ජෝසෆ් මයිකල් පෙරේරා මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද (31)පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us