ඉදිකිරීම් නිවාස පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරද්දී විමල් වීරවංශ මහතා සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් දිනපොත් මුද්‍රණයට එකතුකරගත් රුපියල් ලක්ෂ එකසිය හතළිහට සහ එම අමාත්‍යාංශය යටතේ පවතින ඕෂන් වීව් සමාගම දිනපොත් මුද්‍රණයට වෙන් කළ මුදලින් ඉතිරි වූ රුපියල් ලක්ෂ එකසිය තිස්තුනක මුදලට සිදුවූයේ කුමක්ද එය කාගේ සාක්කුවකට ගියේද යන කාරණාවට පිළිතුරු ලබාදෙන ලෙසට එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විමල් වීරවංශ මහතාට අභියෝගයක් කළේය. එම කාරණාව පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැකපිට අත් අඩංගුවට ගත් වෙළේ සුදා නොහොත් සමන්ත කුමාරට පනවා ඇති නඩුවට අදාළ පොලිස් වාර්තා අස්ථානගත වී ඇති බව මීට ඉහතදී වාර්තා විය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම් වලදී ඔහු හෙළිදරව් කළ බෙහෝ කරුණුද නොමග යැවීම් උදෙසා සිදු කළ ප්‍රකාශ ලෙසම යට ගියේය.

රටට පණ දෙමු - අලූතින් පටන් ගමු යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ තේමාව හාස්‍යජනක බව එක්සත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සදහන් කරයි. පණ දීමට නම් මැරුණු රටක් තිබිය යුතු වුවත් දැන් අැත්තේ ජීවය පිරි රටක් බවත් රට මරණ මංචකයක් කරා අැදගෙන යනු ලැබුවේ රාජපක්ෂ පාලනය විසින් බවත් යළි ඒ තත්වය උදාවීමට මෙරට ජනතාව ඉඩ නොතබන බව ඔවුන් නිවේදනයක් මගින් දන්වා සිටී.

ඉදිරි මහ මැතිවරණයට අදාළව මැතිවරණ කාර්යාලය වෙත මේ වන විට පැමිණිලි 237ක් වාර්තා වී අැත. ඉන් පැමිණිලි 236ක්ම නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වාර්තාවී ඇති අතර සෙසු පැමිණිල්ල ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ලැබී ඇති බව මැතිවරණ කාර්යාලයේ පැමිණිලි අංශයේ ප‍්‍රකාශිකාවක් සඳහන් කළාය.

සියලු දේශපාලන පක්ෂවල දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මේ රටේ දුක්විඳින කාන්තාවන් පාවිච්චි කරමින් සිටීම කණගාටුදායක තත්වයක් බවත් අපේක්ෂකයන් බොහෝ දෙනෙකුගේ කල්පනාව වී අැත්තේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න මේ රටේ කාන්තාවන් වැදගත් බවයි. ඒ නිසා මේ රටේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නෙට අපිට තමයි උත්තරය තියෙන්නේ කියමින් ඔවුන් වහසි බස් දොඩන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න පැවසුවාය. අැය මේ අදහස් දැක්වූයේ පසුගියදා පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහරගම රැලිය අමතමින්ය.

මහින්ද රාජපක්ෂ පාලන කාලයට වඩා මෛත්‍රීපාල රජය බලයට පත්වීමෙන් පසු කාලය තුල මානව හිමිකම් ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදුව ඇතැයි ඇමරිකානු වාර්තාවක් පෙන්වා දෙයි. ඇමරිකානු විදේශ කටයුතු අමාත්‍යංශයේ 2015 වර්ෂයේ මධ්‍යම කමිටු වාර්තාවට අනුව මානවහිමිකම් ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරි පියවරයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාමය ක්ෂේත්‍රයේ ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක කර ඇතිබව සඳහන් වේ.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුරයේ දී අද (17) පැවැත්වෙන සන්ධානයේ මංගල මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us