ශ‍්‍රී ලංකාවට ආහාර ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 154 ක් වැය වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ. ඊයේ (20) දේශිය ආහාර නිෂ්පාදන වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එලෙස ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යවලින් පරිප්පු, කඩල සහ ඇපල් ඇතුළු ආහාර වර්ග 04 ක් හැර සෙසු සියලු ඒවා දේශියව නිෂ්පාදනය කළ හැකි බවයි.

එකසත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප්‍රචාරක ‍රැළිය පැවැත් වුණු පසුගිය 17 වන දින එම ‍රැස්වීමට පෙර අනුරාධ පුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුද ගැනීමට ගිය අවස්ථාවේදී ගීතාංජන ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය මහින්දවාදීයකු විසින් සොරාගෙන ඇති බව වාර්තාවේ.

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ කෝටි 16.9 ක මූල්‍ය වංචා සම්බන්ධයෙන් හිටපු ජනධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන බව තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(20) කුරුණෑගල පැවැති ‍රැලියකදි ප්‍රකාශ කර ඇත.

මෙවර මැතිවරණට තරඟ වදින අපේක්ෂකයන් සඳහා තම නිවසේ මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යෑමට අමතරව එක් ආසනයකට එක් කාර්යාලය බැගින් පවත්වාගෙන යෑමට හැකි බව ඊයේ (20දා) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි වාර්තා වේ.

දින සීයේ දී සංවර්ධන කටයුතු ඇණහිටි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ දී ඇණ හිටියේ රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණක් බවයි. ජනතාව ආර්ථික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද සංවර්ධනය වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මොරටුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් පක්‍ෂග්‍රාහීව කටයුතු කරන පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට එරෙහිව පියවර ගන්නා බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පැවැසීය.එවැනි නිලධාරීන් වහාම එම පොලිස්‌ බල ප්‍රදේශවලින් මාරු කර යෑවීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එක්වීමට නියමිතය. මේවන විට මේ සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන සාකච්ඡාවකින් පසුව එජාපෙරමුණේ වේදිකාවට එක් වීමට නියමිතය.

තමාගෙන් පාලනය උදුරාගෙන ගත වූ මාස 07 තුළදී රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩාවැටී තිබෙන බවත්, ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත්  බත්තරමුල්ල තලංගම පිහිටි සමෘද්ධි සංවර්ධන හා සමස්ත ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද (20) පැවැති නියෝජිත හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us