විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසීමකින් තොරව ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් අද (03) රැස්වෙන පාර්ලිමේන්තුවේදී විරෝධතා දැක්වීමට ආණ්ඩුවට සහාය නොදක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

 

"ප්‍රභාකරන් කියන සාධකය නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජනාධිපතිවරණ හතරක්‌ම ජයග්‍රහණය කළා. පසුගිය ජනාධිපතිවරණය පවතිද්දී එම සාධකය තිබුණේ නැහැ. ඒ නිසා අපි පරාද වුණා. යෑයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පානදුර කෙසෙල්වත්තේදී ප්‍රකාශ කළේය.

3240 කට ඒඩ්ස්‌ලු!

Published in පුවත්
Wednesday, 03 June 2015 06:47

මෙම වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාව තුළ එච්. අයි. වී ඒඩ්ස්‌ වයිරසය ශරීර ගතවූවන් 3240 ක්‌ පමණ සිටින බවට ඇස්‌තමේන්තු කර තිබුණු අතර ඔවුනගෙන් මෙතෙක්‌ හඳුනාගෙන ඇත්තේ 1732 ක්‌ වැනි සංඛ්‍යාවක්‌ පමණක්‌ බව ශ්‍රී ලංකාවේ සිටින එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහනෙහි (යුඑන්ඒඩ්ස්‌) නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් රැසක් අස්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.මේ පිළිබඳ අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ තමන් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට පවා අස්සන් නොකළ බවයි.

පසුගිය ආණ්ඩුව මගින් අයථා ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරින් ධාවනයට එකතු කළ බස්රථ සියල්ල උසාවි නියෝගයකින් ඉවත් කර තිබේ.

තලෙයිමන්නාරම් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ බෝට්ටු 3ක් ඊයේ (01) සවස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් ධීවර පරික්‍ෂක කාර්යාලය පවසයි.

යුක්රේන කැරලිකරුවන් සමඟ හොර අවි ජාවාරමක නිරතව සිටි බවට චෝදනා ලද හිටපු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායිහි මැරියට් හෝටලයේ රැඳී සිටිනු දැක ඇති බව ඔහු පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් පවසයි. මෙරට ගුවන් හමුදාවට මිග් 27 යානා 4 මිළ දී ගැනීමේ තැ‍රැව්කරුවා ලෙස පෙනීසිටිමින් බ්‍රිතාන්‍යයේ ලිපිනයක් සහිත ව්‍යාජ සමාගමක්(Bellimissa Holdings Ltd 2nd Floor, 145-157 St John Street, London. ) ඉදිරිපත් කර මිලියන් ගණනක කොමිස් මුදලක් උපයා ගැනීමට උත්සහ කිරීම ඔහුට විරුද්ධව ඇති අනෙක් චෝදනාවයි.

මෙම දිනවල බෝවන ඇස්‌ රෝගයක්‌ කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පැතිර යන බව අක්‍ෂි වෛද්‍යවරු පවසති.මෙය"වයිරල් කන්ජක්‌ටිවයිටිස්‌" නමැති වයිරසයක්‌ මාර්ගයෙන් බෝවීම සිදුවේ.

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us