උපතින්ම ආබාධිතව වසරකට දරුවන් 6500 ක් මෙරටදී උපත ලබන බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වෙයි.

වත්මන් රජය රජයේ සේවකයන්ට ලබාදුන් වැටුප් වැඩිකිරීමේ පොරොන්දුවට අනුව මේ මාසයේ සිට රුපියල් 2,000කින් වැටුප් වැඩිකිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස් ආර් ආටිගල මහතා පවසයි.

සංචාරක අමාත්‍යාංශය යනු මැද මුලනෙන් ගෙනා සල්ලි ඇති බූදලයක් නෙ‍ාවන බවත් හිටපු සංචාරක අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ සංචාරක අමාත්‍යාංශයේ මුදල් පවුලේ දේශපාලන ව්‍යාපෘති වලට යොදවා මහජන මුදල් අවභාවිතයේ යොදවා ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (22) ආරම්භ කළ හෙළිරදරව්ව නම් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අමුතුම ආකාරයකට රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

සන්ඩේ ලීඩර් හා ඉරුදින පුවත් පත් ද්විත්වය ප්‍රකාශය පත් කිරීම මෙම සතියෙන් පසුව සිදු නොවනු ඇති බව එම ආයතනයේ ආරංචි මාර්ග පවසයි.

අසාර්ථක දේශපාලකයකු වූ මිලින්ද මොරගොඩ මහතා ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව උපදේශකවරයකු ලෙස පත් කර ගැනීම චීන රජයේ බලපෑමෙන් සිදු වූවක් විය හැකි බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. එමෙන්ම හිටි හැටියේම මිලින්ද මොරගොඩ වැන්නෙකුට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දීමත් ඔහු විසින් ලබන සැප්තැම්බර් මාසයේදී ජිනීවා හී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වන බව ප්‍රකාශය කිරීමත් යම් සූක්ෂම දේශපාලන සැලසුමක කොටසක් බව පෙනී යන බව ඔවුන් පෙන්වා දෙති.

සිවුරු හොවා ගත් ජාතිවාදී මැරයන් බහුල මේ කාලයෙහි එහි මුල් කාලයේ ප්‍රමුඛයකු වූ අහුන්ගල්ලේ සීලවිසුද්ධි හිමිට වත්මන් යහපාලන ආණ්ඩුවෙන්ද හමුදා ආරක්ෂාව ලබාදීම මහත් ගැටලුවක්ව තිබෙන බව එම හිමි වැඩ සිටින විහාරස්ථානයේම දායකදායිකාවන් පවසා සිටිති.

නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා ගෙන ඒමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව හෙට හා අනිද්දා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

ld add copy

Latest News

Connet With Us