එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආධාරකරුවෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර රබෑව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

රාජපක්ෂ මහතා තමාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බවත් තමන් මහින්ද මහතාව අධිකරණයේදී හමු වන්නට සූදානමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

එළඹෙන මහ මැතිවරණයෙන් පසු දෙමළ ජාතික සන්ධානය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එම පක්ෂය හා දෙමළ ඩයස්පෝරාව අතර දැඩි මත ගැටුමක් උද්ගතව තිබේ.

ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට යුද හමුදාව එවා වෙඩි තබා තිදෙනකු මරා දැමීම හා විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරයි.

අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

මෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයින් වඩාත් අවධානයෙන් සිය ඡන්දය භාවිත කළ යුතු බවත් පරම්පරාගත දේශපාලනය අවසන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවූ බරපතළම සිද්ධිය ලෙස කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාව හැදින්විය හැකි බව කැෆේ සංවිධානය පවසයි. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවත් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට පොලිසිය වගබලා ගත යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කීවේය.

ව්‍යාජ උපන්දින සහිත උප්පැන්න සහතික සකස් කර රාජ්‍ය ලේඛන සම්බන්ධයෙන් වංචාවක් කිරීමත්, වරදක් බව දැන දැන ම එම ලෙඛන පාවිච්චි කිරීමත් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හා ඔහුගේ බිරිඳවන ශෂී වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ අවසන් කර එම ලිපි ගොනුව නීතිපතිවරයා එත භර දී තිබේ.

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us