හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගන්නා තෙක්‌ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (31 වැනිදා) පැවැසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විවාදයකට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගය තමන් බාර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

පොලිස්පතිවරයාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්ථානාධිපතිවරුන් 07 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

රටේ දැනට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමා සමඟ ඕනෑම රූපවාහිනි නාලිකාවක විවාදයට එන්නැයි විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මුදල් ඇමැති රවි කරුණානායක මහතාට සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝග කර සිටී.

පාකිස්තාන හමුදාපති ජනරාල් රාහීල් ෂරීෆ් මහතා දින පහක සංචාරයක් සඳහා එළැඹෙන පස් වනදා දිවයිනට පැමිණීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව  අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව තුල දුෂණ සහ අල්ලස් පැමිණිලි 3000ක් පමණ විභාග වෙමින් පවතින  බව වාර්තා වේ.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් කටයුතු කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ld add copy

Connet With Us