හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගෙන ඒම සඳහා සන්ධානයේ නායකයන් විසින් කුමන්ත්‍රණයක් කළ බව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල ප්‍රකාශයට සන්ධානයේ ලේකම්  පිළිතුරු බැන්දේ ජාතික ලැයිස්තුවේ නම නැති අයෙකුට පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරයක් ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා නොදන්නා  බව අඟවමින් ඔහුව පාච්චල් කරමිනි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මැතිවරණය තබා ප්‍රාදේශීය සභා මැතිවරණය හෝ ජය ගැනීම සිහිනයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (16) පෙරවරුවේ හිගුරාණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් ප්‍රසන්න වීරවර්ධන යන අය සිය නියෝජ්‍ය අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වී තිබේ.

දිපන් මට ඡන්දෙ කියා මහින්ද යළි මහ මැතිවරණයට පැමිණ අැති බවත් පසුගියදා සුසිල්ට මූණ හරහා ගැසූ මහින්දට කියන්නට අැත්තේ දැන් ඔහුගේ ගැහිලි හමාර බවයි යනුවෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍. ඔහු මේ බව කීවේ පුරවැසි බලය සංවිධානය නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට ඊයේ(15) සහභාගී වෙමිනි.

දෙමල ජාතික සන්ධායේ උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධින කණ්ඩායමකින් ඉදිරිපත් වූ නමුදු එම මැතිවරණ ව්‍යාපාරවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානයෙන් ඇයට නාම යෝජනා නොලැබීම නිසා ඇය මෙලෙස ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා ඉදිරිපත් කළාය.

මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී එජාපය හා ජවිපෙ වැනි පක්ෂ කඩන්නට උත්සාහ කළ බවත් අද එය පරාවලල්ලක්ව ඔහු කරා ගමන් කර අැති බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අද වන විට යළිත් අප පටන් ගත් තැනටම පැමිණ අැති බවත් ජනවාරි 08 වනදා පරාජය කළ මහින්දව නැවත වරක් පරාජය කරන්නට සිදුවී අැත්තේ පවතින කාළකණ්නි දේශපාලනය ක‍්‍රමය නිසා බව ගාමිණී වියන්ගොඩ මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ(15) පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කළ ජනවාරි 08 ජනවරම පාවාදීමට දූෂණයට මර්දනයට පවුල්වාදයට එරෙහි රැස්වීමට එක්වෙමිනි එක්වෙමිනි.

ld add copy

Latest News

සීනි මිලත් ඉහළ යාමේ සුදානමක්

සීනි මිලත් ඉහළ යාමේ සුදානමක්

මෙරට පරිභෝජනයට අවශ්‍ය සීනිවලින් සියයට 63 ක පමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කළ අතර ඉන්දියාව විසින් ස...

Connet With Us