2010 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණය සංසන්දනය කිරීමේදී බරපතල ගනයේ පහරදීම්වල වැඩි වීමක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසයි.

 

එක්සත් ජාතික පක්ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායක විමල් ජයසිරි මහතාගේ බෙලිඅත්ත, කහවත්ත ප්‍රදේශයේ නිවසට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඊයේ රාත්‍රී හතට පමණ ප්‍රහාරයක් එල්ලකර තිබේ.

රටට එරෙහි කුමන්ත්‍රණවල නියැළී සිටීමේ චෝදනාව මත විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගතයුතු යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර ඊයේ (1 වැනිදා) සඳහන් කළහ.

අද දින (02) ජනාධිපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යාපනය හා මන්නාරම ප්‍රදෙශයන් හී පැවැත්වෙන ජන‍රැළිවලදී ඔහුට එරෙහිව 'හූ' කීමටත් කෑකෝ ගැසීමටත් ආරක්ෂක හමුදා කණ්ඩයක් සූදානම් කර ඇතැයි වාර්තා වේ. 

ඊයේ(01) රාත්‍රීයේ පොලීසිය විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පොස්ටර් තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පවුලක් ඉදිරි දින කිහිපයේදී වැදගත් දේශපාලන තීරණයක් ගැනීමට සූදානමින් පසුවන බව එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

පොදු විපක්ෂයෙන් අවම ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ බලාපොරොත්තු විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද(01) දින රාජගිරිය සිංහ සමාජ ශාලාවේ දී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us