රටේත් ජාතියෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙත් වැදගත්ම ලියවිල්ල වන ව්‍යවස්ථා සංශෝධනය ආවට ගියාට, කඩිකුලප්පුවට, මැතිවරණ ළං වන විට කළ හැකි දෙයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරුණු මැලේරියා මර්දන ව්‍යාපෘතියක ඉසීම් යන්ත‍්‍ර කි‍්‍රයාකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් පිරිසක් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වහලය මත නැගී අද (14) උදෑසන සත්‍යග‍්‍රහයක නිරත වුයේය.

කිසිම දේශපාලන පක්ෂයකට නොයන මුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට කැපවන බව බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුරපති පදවියෙන් ඉල්ලා අස්වූ නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසුවේය.

දැඩි මතභේදයකට තුඩුදී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දීම සලකා බැලීම තවත් මාස හයකින් කල් දැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇත.
හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ යළිත් නායයාමේ අවදානමක් මතුව තිබේ.
මාරාන්තික එබෝලා වෛරස් රෝගය පැතිරීම හේතුවෙන් බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන ලයිබීරියාවේ පැනවුණු හදිසි නීතිය ඊයේ ඉවත් කෙරුණි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර නෛතික අවබෝධතා ගිවිසුමකට ලබන සඳුදා (17දා) අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා‍වෙයි.

පොදු අපේක්‍ෂකයා කවුද යන්න රටට හෙළි කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනට පසු දින සිදු කරන බව විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක්‌ පැවැසීය.

ld add copy

Latest News

ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලග...

Connet With Us