ලොව පුරා සිටින වයස අවුරුදු විස්සට අඩු ගැහැණු ළමුන් කෝටි දොළහක් ලිංගික දූෂණයට හෝ අපයෝජනයට ලක් වී ඇති බව එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

රටතුල ඇති බහු ජාතික සමාගම් මේ  රටේ සමහර දේශපාලනඥයින්ට, මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට අල්ලස් දෙමින්, ඔවුන්ව  දිනාගෙන ඇතිබවක්  පෙනෙන්නට ඇති අතර මේ රටේ කුඩු ප්‍රශ්නය  මෙන්ම කිරි පිටි ප්‍රශ්නය ද දැවැන්ත අර්බුදයක් වී ඇතැයි බොදු බල සේනාවේ මහ ලේකම්  ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.

හෙට දිනයේ බදුල්ල පස්සරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ 68 වන සමුළුව සඳහා නායක රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් දෙදෙනාම සහභාගී වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් මහතාට පාකිස්ථානයේ අහමඩ් ෂෙසාඩ් විසින් කරන ලද තර්ජනය සම්බන්ධයෙන් 'හෙළ බොදු සවිය' සංවිධානය විරෝධය පළකර සිටියි. 

උතුරු පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (05) වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.

සන්ධානයේ එකම ලැයිස්තුවෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර මොණරාගල දී ගැටුම් වර්ධනය වෙමින් තිබේ.  

අයිස් බකට් අභියෝගය මෙරටට පැමිණ් මුල් දිනවල අම අභියෝගය බාර ගත් පළාත් සභා මන්ත‍්‍රීනී මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් බස්‌නාහිර පළාත් සභාව වෙත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ඌව පලාත් සභා මැතිවරණයේ දී සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනා කරමින්, එක්සත් ජාතික පක්ෂය විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ පැමිණිල්ලක්  ගොනු කළේය.

ld add copy

Connet With Us