මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා නොදුන් බවට සහ අයවැයෙන් ගොවියා නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් ගොවීන් අද (10) කෘෂි කටයුතුවලින් ඉවත්ව තිබේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ.

බිත්තර, කුකුළු මස් හා ඌරුමස් පාරිභෝගිකයාට පහසුව මිලදී ගත හැකි හා නිෂ්පාදකයා ආරක්ෂා වන පරිදි ස්ථාවර වෙළඳ පොළ මිලක් පවත්වාගෙන යාම අරමුණු කර ගත් සාකච්ඡාවක් සමස්ත ලංකා සත්ව නිෂ්පාදන හා පොදු ප්‍රවාහකයන් ගේ ගොවි සංවිධානය හා ශ්‍රීලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්වේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.කේ. සරත්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us