සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන තරගය ලබන පෙබරවාරි 15 වනදා කොළඹදී පැවැත්වීමට පාකිස්තාන රජය අවසර ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹදී පවත්වනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ සහතික මිලට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අද (9) ආරම්භ කර තිබෙනවා .

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සිදුකරන පාසල් ප්‍රතිසංවිධාන‍ ක්‍රියාවලියේදී මතු වන ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට, පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී මතුව ඇති ගැටලු අවම කරමින් විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමට "සිසු සැරිය" පාසල් ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව යොදවා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇත.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ.

ld add copy

Connet With Us