අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිස්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02වැනි දා තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.

09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් පිරිසකට එරෙහිව අක්ෂි රෝගීන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මංගල ජනාධිපතිවරණ රැලිය අනුරාධපුර නගරයේ අද (21) පැවැත්වෙන බව සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ld add copy

Connet With Us