බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් අද (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව සිහි නොලබා මියගිය තම නව හැවිරිදි දරුවාගේ මරණයට එම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වගකිව යුතු බවට මියගිය දරුවාගේ දෙමාපියෝ චෝදනා කරති.

සැමන් සහ ලුණු සඳහා ඉදිරියේදී පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඌව පළාතෙත් හම්බන්තොට, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

ld add copy

Connet With Us