මේ දිනවල වසංගත රෝගයකින් දෛනිකව මියයන සිය ගණනකට අධික ඌරන්ගේ ශරීර කොටස් මුතුරාජවෙල රක්ෂිතය අවට වලට බැහැර කළ පුද්ගලයන් සොයා පොලිස් ස්ථාන කිහිපයක් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා.

බැදුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් එම වංචාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි තහවුරු කරමින් නිදහස් කර ඇති බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

අද කාලගුණය

Published in පුවත්
Friday, 04 October 2024 08:52

අද (4) උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

ld add copy

Connet With Us