ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් ‍ ශ්‍රී ලංකා­වට පැමිණෙන බව වාර්තාවේ.

යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බවත්, එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ලිංගික අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට කටයුතු කරන මාධ්‍යවේදින්ට වසර දෙකක කාලයක් සිරදඬුවම් ලබාදීමේ හැකියාව පවතින බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීති අංශයේ අධ්‍යක්ෂ නීතිඥ සංජීවනි අබේකෝන් විසින් පවසා සිටියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුකත් කරමින් පවසා තිබේ.

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2024 වසරේ ජුනි මාසයේ පළමු දින 17 තුළ දී සංචාරකයින් 62,612 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 959,391 ලෙසයි.

ජුනි මාසයේ පළමු දින 17 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 27.3% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 17,102 කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් 5,070 ක්, චීනයෙන් 4,381 ක් සහ මාලදිවයිනෙන් 3,657 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

2024 වසරේ සංචාරක පැමිණීම් ඉලක්කය වන්නේ ලක්ෂ 23 කි. ඒ අනුව මේ වසර මැදභාගය වන විට එම ඉලක්කයෙන් අඩක් සපුරා ගැනීමේ හැකියාව ලැබී ඇත.

Weekly Report01 to 17 June 2

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත.

පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ.

ld add copy

Connet With Us