ගංවතුරෙන් බලපෑම් වූ නිවාස පිරිසිඳු කරගන්න රජයෙන් රු 10,000ක්
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උද්ගත වූ අයහපත් කාලගුණික තත්වයේ බලපෑමෙන් ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ විය.
ලබන ජූලි මස 1 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
රනිල් ජනාධිපතිවරණ සටන අරඹයි. ප්‍රධාන කාර්යාලය විවෘත කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය දේශපාලන කාර්යාලය කොළඹ 07 මල් පාරේ දී සුබ මොහොතින් විවෘත්ත කළේය.
රෝයල් පාක් ඝාතකයාට මෛත්‍රී දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කරයි
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
දේශගුණික කලාප අනුව රට තුළ උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම්
දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
වාග් චිකිත්සක තනතුරට උපාධිධාරීන්ට ඉල්ලුම් කළ හැකි දිනය හෙටින් අවසන්
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වාග් චිකිත්සක තනතුරට උපාධිධාරීන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.