ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.
විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හෙට (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.
රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග
මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ.
විදුලි සේවකයින්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000 ක්
ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම, අනුරාධපුරය ආදී ප්‍රදේශ රැසක ඊයේ (10) පස්වරුවේ සහ රාත්‍රියේ විදුලිය බිඳවැටීම් සිදුවී ඇත.
සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම හෙටින් ඇරඹේ
සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් පළමු අදියර හෙට (12 වැනිදා) සිට 23 වැනිදා දක්වාද, දෙවැනි අදියර අප්‍රේල් මස පළමුවැනිදා සිට දහවැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

