මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතය.

උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා ඉසව්හිදී වැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි ලබන 26 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

‘අස්වැසුම’ පළමු අදියරට අදාළ සංගණනයේදී හිතාමතාම අසත්‍ය තොරතුරු සපයා මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරදකරු වන අයකු වසරක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමට අධිකරණයට බලය ඇතැයි සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.

ld add copy

Connet With Us