මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් - 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා පවසයි.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා අද (16) සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කරනවා.

අද වහින පළාත්

Published in පුවත්
Monday, 16 March 2026 08:15

මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වය මාස දෙක තුනක් පැවැතියහොත් මෙරටට මාසයකට දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 80 ත්, 90 ත් අතර ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සභාපති මංගල විජේසිංහ පැවසීය.

දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ld add copy

Connet With Us