ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිතයන් දෙදහස් අටසිය හතළිස් තුන්දෙනකු (2843) සංකූලතාවකින් තොරව සම්පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බව ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන පැවසීය.

නිවෙස්වල සිටින ආසාදිතයින් සදහා සීමාවාසික වෛද්‍යවරු !

මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරෝධායනය නොවන පවුලක යම් පුද්ගලයකු මිය ගියහොත්, ඔහුගේ මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය විසින් මරණ පරීක්ෂකවරුන්ට පවරා තිබෙන බව වාර්ථා වේ.

මේ වනවිට රට පුරා පවතින කිරිපිටි හිඟය වැලැක්වීම වෙනුවෙන් මිල වැඩි කිරීමකින් තොරව බදු සංශෝධන හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ගෙන, කිරිපිටි ආනයනය කර වෙළඳපොලට සැපයීම තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාට පවරා තිබේ.

කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේනවා .

අද අලුයම 02.15 ට පමණ මෙම එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත . කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් - 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අද (9 වැනිදා) තීරණයක් නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ග තවත් දැඩි කරන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.

ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us