ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව බැබල වූ කුමාර් සංගක්කාර පෙබරවාරි 22 සිට මාර්තු 16 දක්වා ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් (IML) තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දීම සිදු වෙනු ඇත.

විභාග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සිය දෙනකුට වැඩි පිරිසක් වාර්ෂික ස්ථාන මාරු යටතේ එකවර මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් ඉදිරි විභාග කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණය හිමිනොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසා සිටියි. 

පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. 

දුම්රිය ගමන් වාර 12ක් පමණ අද (18) දිනයේත් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us