ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.
වර්තමානයේ මෙරට ජනතාවගෙන් සියයට දහයකට (10%) ආසන්න පිරිසකට වකුගඩු රෝගය වැළඳී ඇති බවත් එසේම වැඩිහිටියන්ගෙන් සියයට පහළොවක් (15%) පමණ වකුගඩු රෝගය වැළඳී ඇති අය සිටිය හැකි බවත් මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා පැවැසුවාය.
ඉතාලියේ වෙසෙන ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මිනීමැරුම් චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
පාසල් වෑන් රථ සඳහා cctv පද්ධති අනිවාර්යය කිරීමට සැරසේ
පාසල් වෑන් රථ සඳහා සීසීටීවී පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

