රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

අද කොහොමද ?

Published in පුවත්
Tuesday, 26 August 2025 07:48

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා යනුවෙන් හිරු පුවත් ආයතනයේ වේබ අඩවියෙහි පළ කළ පුවත අසත්‍යක් බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

hiru

 

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

අධිකරණ තීරණයකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි ඔසවා උද්ඝෝෂණ කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

ld add copy

Connet With Us