හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්වි ගසා තිබූ ගැටය වත්මන් ආණ්ඩුව ලිහමින් සිටින බව ඇමැති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. ඇමැති සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගය ඉදිරිපත් කරන ලද සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

ජාතික ජන බලය ප්‍රමුඛ නව රජය ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයට ගෙන යාමේ සැලසුම නවතා දමා ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.

බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසයි.

2024 වසරේ දෙසැම්බර් 14 දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරු 12කින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ, ලබන 2025 වස‍ර ආරම්භයේ සිටම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රුපියල් 6000- බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බවයි.අද පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ පිළිබඳව ප්‍රකාශ කළා.

ජන හා නිවාස සංගණනයට අදාළව ‘හිසට වහළක් නොමැති ජනතාවගේ’ තොරතුරු සංගණනය අද (18 වැනිදා) රාත්‍රි සිදු කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූජා සෙනෙවිරත්න පැවැසුවාය.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනතා මුදලින් කජු කන බව සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

ld add copy

Connet With Us