"ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට රැගෙන විත් තිබේනවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 15,000ක් ද එහි අන්තර් ගත වන බවය.

එම දෙවන මාත්‍රාව මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට සහ ඉතිරි එන්නත් 50,000 මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11 වැනිදා) වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සුදානම්ව ඇත.

ලබන ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී තිබේනව.

ආණ්ඩුව විසින් අතිරික්ත මත්ස්‍ය තොග මිලදී ගැනිම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවට මත්ස්‍ය වෙළෙඳුන් සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

විශ්‍රාම ලත් හෙද හෙදියන් සේවා අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (09) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබෙනවා.

ගාල්ලේ සිදු වූ අයථා එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශිය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරුවලින් ඉවත් කර ස්ථාන මාරුවීම් ලබා දී තිබේනවා.

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ld add copy

Connet With Us