පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය සඳහා දැනට ලබාදී ඇති දින තුනට අමතරව තවත් දිනයක් ලබා දීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය හිමි වුණා.

ආණ්ඩුව සමඟ ඉදිරියට යෑමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතිගාමී වන තීරණ නොගන්නා බව එම පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබෙනවා.

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වස විස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

‘ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා’ එන්නත ලබාගත් අයගේ දෙවැනි මාත‍්‍රා එන්නත්කරණය අපේ‍්‍රල් 10 වැනිදායින් පසු ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් තොගයක පිලිකාකාරක විස රසායනයන් අඩංගු බවටත් ඒවායෙන් කොටසක් මේ වන විටත් වෙළඳ පොළට නිකුත් කර ඇති බවටත් සාම්ප්‍රදායික පොල්තෙල් නිශ්පාදකයන්ගේ සංගමය විසින් සහ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් මාධ්‍ය ඔස්සේ කළ අනාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

රජයෙන් සහන නොලැබුනහොත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂපාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියලුම සේවකයන් ස්ථිර කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබේ.

ld add copy

Connet With Us