උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීමේ පුළුල් මෙහෙයුමක් රට පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබේ.

නිවාස නොමැති කොළඹින් බැහැර ජන කොටස් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහන් මාලාව තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාන්තික ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබාදීමේ නව නිවාස ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පසුගිය දා අනුරාධපුර නගරයෙන් ආරම්භ කෙරිණ.

විදෙස් රටවල සිට සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණි විදේශිකයන් 1250කට දේශපාලන රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටි අවදියේ ගොඩනගන ලද කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන තෙත්බිම් උද්‍යානය වන දියසරු උයනට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මගේ උපදෙස් පරිදි නව විශේෂාංග රැසක් එකතු කොට පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

බස්නාහිර පළාතේ සියලු පාසැල් අද විවෘත කෙරුණා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි මෙලෙස ආරම්භ කෙරුනේ.

ඉදිරියේ දී පළාත් සභා ඡන්දය පවත්වන බවත් පළාත් සභාව හොද නැත්නම් ව්‍යවස්ථාවක් ගෙනත් ඒක වෙනස් කළ යුතු බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

“ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

දෙසතියකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ, සූවස් ඇළේ තෙල් නැවක් සිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන බවයි.

නමුත් සූවස් ඇලේ සිරවී තිබෙන විශාල බහාලුම් නෞකාව කඩිනමින් ඉවත් කිරීමට නොහැකි වුවහොත්, එය මෙරට ආර්ථිකයට බලපෑම් කරනු ඇතැයි විද්වතුන් පෙන්වා දී ඇත.

එම බහාලුම් නෞකාව පාපන්දු ක්‍රීඩාංගණ 4ක දිගට සමාන විශාලත්වය කින් යුක්ත ය.

මේනිසා දැනටමත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ද ඉහළ යාමේ ප්‍රවනතාවක් තිබෙන බවත් ලෝක ආර්ථිකයට ද බලපෑම් එල්ලවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිගින් මීටර් 400ක් සහ මීටර් 59 ක පළලින් යුත් මෙම නෞකාව පසුගිය අඟහරුවාදා චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය දක්වා ගමන් කරමින් සිටියදී සූවස් ඇලේ ඉවුරු දෙක අතර සිරවී තිබුණි .ඒ පැවති සුළං තත්ත්වය හේතුවෙන් ය.

තායිවානයේ එවර්ග්‍රීන් මැරායින් සමාගමට අයත් එම්.වී එවර්ගිවන් නමැති මෙම නෞකාවේ ඒ වනවිට බහාලුම් 20,000 ක් පමණ තිබූ අතර, නෞකාවේ බර ටොන් ලක්ෂ 2ක් පමණය .

මෙම නෞකාව ඇළ මාර්ගයේ සිරවීම හේතුවෙන් නෞකා 200කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සිරවී ඇති අතර, මහා සාගරයේ මෑතකදී ඇති වූ විශාලම නෞකා තදබදය මෙය බවට සැලකෙනවා.

-අරුණ

ld add copy

Connet With Us