සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සදහා නීතිමය ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ යන දෙදෙනාගේ නීතිඥයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මධ්‍යම රාත්‍රී 12.00 ට විවෘත කිරීමට තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග පෙරේදා (07දා) රාත්‍රී 10.00ට විවෘත කොට ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට පොලිසිය හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පියවර ගත්තේය.

ලබන අගෝස්තු මස 01 වන දින සිට වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා.

එළඹෙන මස ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසයට එරෙහි සිනොවැක්ස් (Sinovax) එන්නත් මාත්‍රා මිලියන 13ක් නිපදවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කර තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් විශේෂ යානය අද (09) පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේනවා .

ළබන 2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ.

මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා (10) දිනයේ ලබා දීමට නියමිතව තිබේන අතර අදාළ විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබේනවා.

ld add copy

Connet With Us