නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල් වල ජීවත් වන පිරිස ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සඳහා අයවැය මඟින් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක් ලබන වසරේදී (2026) පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

මෙම මස 22 වැනිදා වන විට යළි අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

තේ දලු නැතිවීම හේතුවෙන් තේ කර්මාන්තශාලා 150කට වඩා වැඩි සංඛ්‍යාවක් මෑතකදී වැසී ගොස් ඇතැයි මධ්‍ය පරිමාණ තේ වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අද (19) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ld add copy

Connet With Us