සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඉදිරි මාස කීපය තුළ ලෝකෙ රටවල් කුමන පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට රැගෙන යන බවට සහතික වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අපොස උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නියම කරගත් දිනවල පැවැත්වීමට නොහැකිවී ඇති බව අද නිවේදනය කෙරුණා. එම විභාග පැවැත්වෙන දින පසුව දැනුම්දීමට නියමිතයි.

දැනට පවතින හිඟ විදුලි බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබේ.

කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට කියා තිබේ.

ඉදිරි වසර තුන ඇතුළත දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

උතුරේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමේ දැවැන්තම වැඩසටහනක් අද පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක් වුණා.

විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළාය.

ld add copy

Connet With Us