ගෝලීය කොවිඩ් වසංගතය මුවාවෙන් රටේ අනාගතයට ,ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ සදහන් කර ඇත.

එසේම මේ අවස්ථාවේ සෑම කෙනෙකුටම යුතුකමක් ඇති බවත්,පක්ෂ, පාට, ජාති, ආගම්, දේශපාලන වාද භේද සෑම දෙයක්ම අමතක කර රට ගැන සිතා වැඩ කිරීම මේ මොහොතේ වඩාත් වැදගත් බවත් ඔහු සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත.

2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට අද (17 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මීගමුව රෝහලේ කායික රෝග අංශය වෙත ඊයේ (මැයි 14) ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ගේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 80%ක් ම පොසිටිව් වී ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු අවධාරණය කර තිබේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීම සදහා විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ld add copy

Connet With Us