ගෑස් මිළ ඉහළ යයිද ?

Published in පුවත්
Saturday, 12 June 2021 16:34

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරනවා.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා නීතිය ලබන 21 වැනිදා සදුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කර ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ GSP+ සහනය තාවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්‍රතිලාභ සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ඊයේ (10) සම්මත කර ගෙන තිබේ.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එළැඹෙන සඳුදා (14 වැනිදා) සිට රට යළි විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය තීරණය කර ඇති අතර එදින සිට සීමා රැසක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබෙනවා.

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

"ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට රැගෙන විත් තිබේනවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 15,000ක් ද එහි අන්තර් ගත වන බවය.

එම දෙවන මාත්‍රාව මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට සහ ඉතිරි එන්නත් 50,000 මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11 වැනිදා) වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සුදානම්ව ඇත.

ලබන ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Connet With Us