නැගෙනහිර පළාතේ I-Road මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සතුටුදායක මටිටමක නොමැති බවත් ඒ හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්වීමට ඉඩ ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොන්ත්‍රාත්කරුවන්ට පවසා තිබෙනවා.

ශ්‍රීපාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක රගර් කණ්ඩායමක ක්‍රීඩකයින් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය ව ඇති බවට තහවුරු වී තිබේනවා.

ව්‍යාජ ඔප්පු සකස්කර තලෙයි-මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80කට අධික ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබී තිබෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද විවෘත අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

කොවිඩ් 19 අසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අද දින සම්පුර්ණයෙන් සුවය ලබා නිවසට පැමිණීමෙන් අනතුරුව සිය මුහුණු පොතේ සටහනක් තබමින් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලට පත්කළ නිලධාරීන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මිට සුළු වේලාවකට පෙර සිය රාජකාරි ආරම්භ කළා.

කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට අදාළ නියාමන ක්‍රියාවලිය සිදුකරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා.

ලෝකය ම වසංගත බියකින් වෙළී ගි‍යත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (20) දින ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ නිශ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා අනුමත කිරීම ක්‍රියාවලිය වෙනුවෙන් වන පර්යේෂණ ලියවිලි පසුගිය අඟහරුවාදා (19) ජාතික ඖෂධ නියාමන අධිකාරියට (එන්එම්ආර්ඒ) ලබා දී ඇති බව දැනගැනීමට ලැබේ.

ld add copy

Connet With Us