කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරි මාස 6 තුළ හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප‍්‍රකාශ කර තිබෙනවා.

ආසාදිතයින් 130ක් වාර්තා කරමින් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මත්පෙති 1000ක් සමග ගල්කිස්ස පොලිස් වසමේ කොතලාවලපුර ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා.

පවතින වසංගතය හමුවේ පසුගිය වසරේ මාර්තු මස 19වනදා සිට වසා දැමුණු ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා හෙට (21) දිනයේ විවෘත කිරිමට නියමිතයි.

අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

මෙරට සමස්ත ජනතාවගෙන් සියයට 50 කට කොවිඩ් එන්නත ලබා දීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව නීතිපති දප්පුල ද ලිවේරා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

ld add copy

Connet With Us