රුපියල් ලක්ෂ 140 ක් පමණ වටිනා කැතේන් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගංදර පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවෙකු තුවාල ලැබු බව වාර්තා වෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කළා.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි.

විදෙස්ගතව සිටි පුද්ගලයින් 205 දෙනෙකු අද (18) පෙරවරුවේ මෙරටට පැමිණියා.

ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය, පානීය ජලය, මාර්ග යන ගැටලු විසදීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසදර තුන්වන වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

අද (18) සිට බස්නාහිර පළාතින් පිටව යන පුද්ගලයින්ට ස්ථාන තුනකදී අහඹු ලෙස රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම අද පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ld add copy

Latest News

Connet With Us